පරිසරය වනසන කටුපොල් උඩරටත්


ඩබ්ලිව් අසේල
 
පරිසරයේ විනාශයට බලපාන කටුපොල් වගාව උඩරට ප්‍රදේශයටද ව්‍යාප්තවීමේ අවදානමක් ඇති  බව මානව සංවර්ධන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ පි.පි. සිවප්‍රගාසම් මහතා ප්‍රකාශ කළේය.
 
මේ වන විට ගාල්ල හා කෑගල්ල ප්‍රදේශයේ මෙම ශාඛය ව්‍යාප්ත වී ඇත. මෙම කටුපොල් තෙල් නිපදවීම සඳහා යොදාගන්නා වගාවකි.  මෙම වගාව ඉතා ලාභදායි ව්‍යාපාරයක් වුවද ඒ තුලින් විශාල පරිසරය හානියක් සිදුවේ. අතුරු වගා විනාශ වන අතර යටිරෝපනයක් නැති වේ. එම ශාකය අවට ඇති පස් තට්ටුව වැලි බවට පරිවර්තනය වීමෙන් ගංගා ඇල දොල වැලි වලින් පිරී යයි. 
 
කපුටන් සමනලයන් කුරුල්ලන් හා කෘමින් වදවී යාමක් මේ තුලින් සිදුවේ. එමෙන්ම කටුපොල් ලෙල්ල ආහාරයට ගන්නා නිසා බල්ලන් ගේ ඇඟේ ලොම් හැලී රෝග සැදීමේ ප්‍රවණතාවයක් පවතී. වකුගඩු පිළිකා වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්ද මේ ශාණය නිසා ඇති බව ඔහු ප්‍රකාශ කළේය. 
 
මේ වන විට උඩරට ප්‍රදේශයේ වැවිලි සමාගම් මෙම පරිසරයට හානිකර කටුපොල් ශාඛය ව්‍යාප්ත කිරීමේ සූදානමක් ඇති බවද ඊට එරෙහිව ජනතාව හඬ නැගිය යුතු බවද ප්‍රකාශ කර සිටියේය.
 
ඔහු මේ බව ප්‍රකාශ කළේ වතු ආශ්‍රිත ප්‍රජාව දැනුවත් කිරීම සඳහා අද දින (3) මහනුවර රිවඩෙල් හෝටලයේ පැවති වැඩමුළුවකදීය.  මේ සඳහා වතු ආශ්‍රිත ප්‍රජාව නියෝජනය කරමින් නුවරඑළිය කෑගල්ල මාතලේ බදුල්ල මහනුවර ප්‍රදේශවල ගුරුවරු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.