පරිසර හිතැති වැඩසටහන් රැසක්


ජගත් පරිසර දිනය නිමිත්තෙන් මෙම 5 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මැදිරිගිය වටදාගෙය කේන්ද්‍ර කරගනිමින් සංවර්ධන වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන බව පරිසර රාජ්‍ය  අමාත්‍යංශ ලේකම් ජගත් නාරම්පනාව මහතා පැවසීය.

ජනාධිපතිතුමා  වටදාගෙය අසළ කළුවර පැළයක් රෝපණය කරමින් පැළ රෝපණ වැඩසටහන සංකේතාත්මකව ආරම්භ කෙරෙයි. ඊට  සමගාමිව පැළ සීයක් රෝපණය කිරිම සිදුවෙයි. වසර  අවසාන වන විටදී  පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා පැළ ලක්ෂයක්  පවරා රෝපණයටද නියමිතය. කුඹුරු අක්කර  දෙදහසක වපසරියකට  වතුර  සැපයෙන වැවක් ප්‍රතිසංස්කරණය කිරිමෙන්  අනතුරුව ගොවි පවුල් දෙසිය පනහකට ලබාදීමත් මෙදින සිදුවෙයි.

පරිසර හිතකාමි පංතිකාමර එළිමහනේ ඇරඹිමේ කටයුත්තක් ද මෙදින මුල පිරෙයි. ඊට  අමතරව පාසල්  සංවර්ධන වැඩසටහනක් ද ක්‍රියාත්මක වෙයි.

ගොවින්ට ගොවි උපකරණ ප්‍රදානය ගොවි සංවිධාන සඳහා වල්නාශක යන්ත්‍ර පරිත්‍යාගයක් ද සිදුවෙයි.