
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව එළුවන්කුලම කුරටියාමොට්ට ප්‍රදේශයේ සිදුව ඇති වනාන්තර විනාශයට වගකිව යුතු පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කරන්නැයි වයඹ පරිසර සංවිධාන කිහිපයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම්ක් කරයි.
රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ හා ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසකගේ සහායෙන් කිසියම් පිරිසක් විසින් මෙම වන විනාශය සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බව එම පරිසර සංවිධාන වැඩිදුරටත් සඳහන් කරයි.
වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි වසර සිය ගනණක් පැරණි මෙම වනාන්තර පද්ධතිය දේශපාලඥයින්ගේ ආධාර අනුබල ඇතිව විනාශ කර ඇති බව වයඹ පරිසර හඬ සංවිධානයේ සභාපති විල්පොත ප්‍රේමානන්ද හිමියෝ මෙහිදී පැවසූහ.
පුත්තලම දිස්ත්‍රික්කය පුරා මේ වන විට පරිසර විනාශය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මේ සියලු පරිසර විනාශයන් පසුපස දේශපාලඥයින් හා ඔවුන්ගේ ගොල බාලයින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් හරිත පරපුර පරිසර සංවිධානයේ කැඳවුම්කරු දිලංක සේනානායක මහතා සඳහන් කළේය.



