පරිසර දිනය වෙනුවෙන් පරිසර සතියක්


විනිතා එම් ගමගේ
 
ලෝක පරිසර දිනය නිමිත්තෙන් පරිසර අමාත්‍යංශ්‍ය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව සංවිධානය කළ පරිසර සතියක් මේ මස 30 වැනි දා සිට ජුනි 4 වැනිදා දක්වා පැවැත්වේ. 


මෙවර ලෝක පරිසර දිනයේ තේමාව වශයෙන් යොදා ගෙන ඇත්තේ ප්ලාස්ටික් අවභාවිතය හේතුවෙන් සිදුවන හානිදායක තත්ත්වයන් වේ. එම තේමාවම යොදා ගෙන ‘‘ප්ලාස්ටික් අවභාවිතයෙන් සිදුවන පරිසර දුෂණය පිටුදකිමු” මැයෙන් මෙම පරිසර සතිය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 

පළමු දිනය වන 30 වැනිදා- පරිසර පවිත‍්‍රතා සහ පරිසර දැනුවත් කිරිමේ දිනය ලෙසද, 31 වැනි දා කසළ කළමනාකරණ දිනය ලෙසද, ජුනි පළමුවැනිදා - රුක් රෝපණ දිනය ලෙස ද, දෙවැනිදා- ජලය හා ජල මූලාශ‍්‍ර සංරක්ෂණ දිනය ලෙස ද නම් කර ඇති අතර තුන් වැනිදා ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය ලෙස නම් කර තිබේ. හතරවැනිදා - තිරසර ඉඩම් කළමනාකරණ දිනය වේ.

මෙවර ලෝක පරිසර දින සැමරුම් ප‍්‍රධාන වැඩසටහන ජුනි 4 වැනිදා දවස පුරා පරිසර අමාත්‍ය, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කෑගල්ල, නිදහස් මාවත පරිශ‍්‍රයේ දී පැවැත්විමට නියමිතය.