පරිසර අමාත්‍යාංශය ජනපති යටතට


(අංජුල මහික වීරරත්න)

පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පවරා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසිවීම හේතුවෙන් පරිසර අමාත්‍ය ධුරය පුරප්පාඩු විය. 

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාල අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.