පරිවර්තනයක් කරනකොට කකුලෙන් අදින පිරිසක් හැමදාම හිටියා


(අංජුල මහික වීරරත්න)

කතා කරනවාට වඩා  කතා නොකර නිහඬව ඉන්න එක හොඳ බව සමහර අවස්ථා වල පාර්ලිමේන්තුවේදීත් විවිධ ස්ථාන වලදීත් හිතෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

 එච්චරටම අපි සිහින ලෝක ගොඩක් දැක අවසාන බව කී අබෙිවර්ධන මහතා රට පරිවර්තනයකට ගෙන යන්න හදන සෑම විටම ඊට එරෙහිව ක්‍රියා කළ පිරිසක් සිටි බවද සඳහන් කළේය.

"මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට, විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයට වෙන තැනකට යනකොට කොළ මිටියක් අරගෙන යන යුගය මීට අවුරුදු 20 කට ඉහත දී අවසන් වෙන්න තිබුණේ. තාමත් අපේ අය අද රියදුරු බලපත්‍රය අලුත් කරන්න ගියොත් ආයෙමත් ඉල්ලනවා කොළ ටික. එහෙම රටකට ඉදිරියට යන්න පුලුවන් දැයි අබෙිවර්ධන මහතා ප්‍රශ්න කළේය.

රජයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයින්ගේ සමුළුව අමතමින් වජිර අබෙිවර්ධන මහතා මේ බව කීය.