අජන්ත කුමාර අගලකඩ
ශ්‍රි ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට රුපියල් 30,000 සිට 50,000 දක්වා වන මාසික විශේෂ දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා රජයේ පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇත.
එම කැබිනට් සංදේශය පිළිබඳව අධ්‍යයනය කිරීම අද (12) පැවති කැබිනට් රැස්වීමේදී ඇමැති කමිටුවකට පවරා තිබේ.
රජයේ සේවයේ ශ්‍රේණි ගණනාවකටම විශේෂ දීමනා ලබාදී ඇති බැවින් තමන්ටද විශේෂ දීමනා ලබාදී ඇති බැවින් තමන්ටද විශේෂ දීමනාවක් ගෙවන ලෙස ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා අදාළ යෝජනාව ඇමැති මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.
ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය හා සමාන්තර සේවා 13ක් තිබෙන බැවින් එම යෝජනාවන් සම්බන්ධයෙන් සොයා බැලීමද කැබිනට් මණ්ඩලය කමිටුවකට පවරා ඇත.
ශ්‍රි ලංකා පරිපාලන සේවයේ තුන්වැනි ශ්‍රේණියේ නිලධාරියකුට රුපියල් 30 000 ද , දෙවැනි ශ්‍රේණියේ නිලධාරියකුට රුපියල් 40,000ක්ද පළමු ශ්‍රේණියේ නිලධාරියකුට රුපියල් 50,000ක් ද විශේෂ දීමනාවක් මාසිකව ගෙවීම සඳහා අනුමැතිය ඉල්ලා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදී අදහස් දැක්වු ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමයේ සභහපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මෙම විශේෂ දීමනාව ලබාදීම තවදුරටත් ප්‍රමාද කිරීමට විරෝධය පළකරමින් පරිපාලන සේවයේ නිලධාරීන් බ්‍රහස්පතින්දා (14) දිනයේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිෙ විරෝධතාවයක යෙදීමට තීරණය කර ඇතැයි කීවේය.
කමිටු ගණනාවක් සමඟ පැවැති සාකච්ඡාවට ගණනාවකින් පසුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව තවදුරටත් කමිටුවලට පවරා කල් දැමීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද ඔහු කීවේය.