පරිපාලන සේවයේ සියලුම නිලධාරීහු හෙට වැඩවරති


(ජයන්ත සමරකෝන්)

ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් සියලුම නිලධාරීන් හෙට (23) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව එහි ලේකම් රෝහණ සිල්වා මහතා පැවැසීය.

ඒ අනුව සියලුම දෙපාර්තමේන්තු ,සංස්ථා ,මණ්ඩල සහ ආයතන වල සේවයේ නිරත උසස් නිලධාරීන් සේවයට රපොර්තු නෙකරන බව ද ඒ මහතා කීය.

වැටුප් විශමතා ඇතුළු ඉල්ලීම කිහිපයක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට ලබාදෙන බවට දුන් පොරොන්දුව අද සවස් වනතුරුත් ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඒ මහතා කීය.

මෙම වැඩවර්ජනයට 2400 ක් පමණ එක්වන බවද ඒ මහතා පැවැසීය.