කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය පිළිබඳ සිය අවදානය යොමුකර ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම රටවැසියන්ට හැකිතාක් ගමන් බිමන් වලින් වැළකි සිටින ලෙස උපදෙස් දුන්නේය.
රටේ ප්‍රධාන අවශ්‍යතා සපුරාගැනීම සඳහා අවශ්‍ය විදිවිධාන ගැනීමට පියවර ගෙන ඇති ජනාධිපතිවරයා රට වැසියාගේ පහසුව සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දෙකක් වන පරිප්පු සහ සැමන් වල මිල අඩු කිරීමට නියම කළේය.
ඒ අනුව අද (17) මධ්‍යම රාත්‍රීයේ සිට පිරිප්පු කිලෝවක් රුපියල් 65 කටද සැමන් ටින් එකක් රුපියල් 100 කටද විකිණීමට ද ජනාධිපතිවරයා නියෝග කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.




