පරිගණක අමතර කොටස් තොගයක් අතරේ සඟවා කොරියාවට අපනයනය කිරීමට සූදානම් කර තිබූ අබිලි තඹ මෙට්‍රික් ටොන් 2ක් රේගුව විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.
මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 18 ක් පමණ වෙතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සපුගස්කන්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු මෙම තඹ තොගය කොරියාවට යැවීමට සූදානම් කර තිබූ බව කියති. එහි තිබූ පරිගණක අමතර කොටස් මෙට්‍රික් ටොන් 18ක්ද රේගුව මගින් අත් අඩංගුවට ගනු ලැබිණි.
මේ සම්බන්ධයෙන් සැකපිට වාත්තු ලිපිකරුවකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

