පරාජය වූ වැය ශීර්ෂයන් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකියි


(නාලක සංජීව දහනායක)
 
අයවැය ඡන්ද විමසීමේදී පරාජයට පත්වූ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සහ අභයන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයන්ට අදාළ වැය ශීර්ෂයන් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීපයට අද  (28) පැවැසීය.
 
එම අමාත්‍යංශ සඳහා මුදල් ලබා ගැනීමට නම් අයවැය ඡන්ද විමසීමෙන් පසුව පාර්ලිමේන්තුවට පරිපූර්ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර සම්මත කරගත යුතු බවද මන්ත‍්‍රීවරයා කීය.
 
එක්සත් ජාතික පක්‍ෂයෙන් අනාගත ජනාධිපති සිහින දකින ප‍්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ අමාත්‍යංශ වැය ශීර්ෂයන් පරාජය කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ද විපක්‍ෂයට සහය දැක්වූ බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.