(ක.ග කරුණාරත්න)
රාජකාරි කටයුත්තක් සඳහා ගොස් සිටි පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතාට පොලොන්නරුව දෙකේ ඇළ ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් පහර දී ඇතැයි පොලීසිය පවසයි.
අද උදෑසන මෙම පහරදීම සිදුව ඇති අතර ප්‍රහාරයෙන් තුවාල ලැබූ වාරිමාර්ග ඉංජිනේරුවරයා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
පොලොන්නරුව, නවනගරය, දෙකේ ඇළ ප්‍රදේශයේ වාරිමාර්ග රක්ෂිතයක සිදුකළ අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීම සඳහා වාරිමාර්ග ඉංජිනේරුවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (11) උදේ එම ස්ථානයට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදු කර තිබේ.
තමන්ට මැර තර්ජන එල්ලක කර පහරදීමට පැමිණි පුද්ගලයින් හඳුනා ගැනීමට හැකි බවත් ඔවුන් අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී පොලොන්නරුව මහ නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපති ධූරයට තරඟ කර පරාජයට පත්වූ අපේක්ෂකයකු ද සිටි බවත් පහරකෑමට ලක්වූ වාරිමාර්ග ඉංජිනේරුවරයා පොලිසියට ලබාදී ඇති කට උත්තරයේ සඳහන් වේ.
මෙම පහරදීම් සිදු කළ බව කියන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු පැවසූහ.
පොලොන්නරුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.