රංජන් කස්තුරි
ශ්‍රී ලංකා මහබැංකුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවා තිබු තහනම තවත් මාස හයකින් දීර්ඝ කර තිබේ.
පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් තිබෙන හෙයින් එම සමාගමට පනවා තිබු තහනම අද (5) සිට තවත් මාස හයක් දක්වා දිර්ඝ කළ බව ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.
ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකරකම් තවත් මාස හයක කාලයකට තහනම් වන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.