පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකුවේ ප්‍රාථමික අලෙවිකාරිත්වයෙන් ඉදිරි මාස හයක් සඳහා බලපැවැත්වෙන පරිදි ඉවත් කිරීමට තීරණය කර ඇත.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර මීට ඉහතදී අත්හිටුවා තිබූ අතර එම සමාගමට අලෙවිකරුවෙකු ලෙස ව්‍යාපාර කටයුතු හා ක්‍රියාකාරකම් සිඳුකිරීමට නොහැකිය.
මෙය අද(5) සිට බලපැවැත්වෙන පරිදි ඉදිරි මාස 6 සඳහා ක්‍රියාත්මකය.
බැංකු නොවන මූල්‍ය ආයතන නියාමනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගත් තීරණය අනුව මෙය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ අනුව 2018 ජනවාරී මස 4 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම්2018 ජනවාරි මස 5 වන දින පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස 6ක කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට මහ බැංකුව විසින් තීරණය කර ඇති බව නිවේදනයක් මඟින් දන්වා ඇත.

