පර්පෙචුවල් ට්‍රෙෂරීස් වත්කම් දෙන්න’යි නියෝග


(මනෝප්‍රිය ගුණසේකර)


පර්පෙචුවල් ට්‍රෙෂරීස්   සමාගම  දේශිය  ආදයම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති  සියලු  ආදයම් හා වත්කම් පිළිබඳ තොරතුරු පොලිස්පතිවරයාට  ලබා දෙන ලෙස  කොටුව මහෙස්ත්‍රාත්  ලංකා ජයරත්න මෙනවිය  දේශිය  ආදයම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියම කළාය.


බැඳුම්කර ගනුදෙනුවට අදාල නඩුව  අධිකරණයේ කැඳවු අවස්ථාවේදී  නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ උදාර කරුණාතිලක මහතා  කළ ඉල්ලීමක් පිළිගනිමින්  මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.


ඊට අමතර  පර්පචුවෙල් ටෙෂරීස් සමාගම ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමට ලබා දී ඇති  මුදල් පිළිබඳ සම්පුර්ණ වාර්තාවක්  දත්තයන් සමඟ ඉදිරිපත් කරන ලෙසද ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.


ඊට අමතරව සැකකරුවන් 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියෝග  කළාය.