පරණ මුහුණු හැළෙන ලකුණු


මෙවර මහ මැතිවරණයෙන් හම්බන්තොටින් පාර්ලිමේන්තුවට ප්‍රධාන පක්ෂ දෙකෙන්ම  නවක මුහුණු කිහිපයක් යැවීමට බොහෝවිට ඉඩකඩ තිබෙන බව හම්බන්තොට දේශපාලන විචාරකයෝ පවසති.

දැනට සිදුකෙරෙන මැතිවරණ ප්‍රචාරක කටයුතුවල දී සහ ජනතාවගේ අදහස් මත නවකයින් කිහිප දෙනෙකුට මෙම අවස්ථාව හිමි වී තිබේ.

පළාත් සභාව නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරුන් ප්‍රධාන පක්ෂ දෙකෙන්ම මෙවර මැතිවරණයට ඉදිරිපත්වී ඇති අතර නවක මුහුණු අතරට ඒ අයද සිටී.

ඡන්ද දායකයින් ඉතා නිහඩ පිළිවෙතක් රකිමින් මැතිවරණ වේදිකාවල කථා ඇසීමට සෑම ප්‍රචාරක රැස්වීම් වලටම සහභාගී වන පිරිස් ද සිටිති.

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පැරණි මුහුණු දෙකක් මෙවර  ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන්ම ඉවත්වීමට ද  බොහෝ දුරට ඉඩකඩ තිබේ.