කල් ඉකුත්වූ ඖෂධවල නිශ්පාදිත දින හා කල් ඉකුත් වන දින රසායනික ද්‍රව්‍ය යොදා ගෙන මකා දමා අලෙවි කිරීමට ගිය බෙහෙත්හල් හිමියකුට පනස් දහසක දඩ ගැසූ පුත්තලම මහේස්ත්‍රාත් භාරති විජේරත්න මෙනවිය වසර තුනක සිරදඩුවම් ද නියෝග කළාය.
එම සිර දඩුවම පස් වසරකට අත්හිටැවිණි.
පුත්තලමේ කඩායාකුලමේ ඖෂධහලක් පවත්වා ගෙන ගිය මොහොමඩ් අබ්දුල් ඉබ්‍රාහිම්ට මෙම දඩය හා සිරදඩුවම නියම විය.

