පරණ පෙම්වතියට වදදී පොලිසියේ


ඉතාලියේ මෙස්සිනා නුවර පදිංචි තිස් හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් මෙස්සිනා පොලිසිය විසින් පසුගිය 15 වැනිදා අත් අඩංගුවට ගනු ලැබීය. තම පැරණි පෙම්වතියට තර්ජනය කොට ඇය තම නිවසට ගෙන්වා දරුණු ලෙස පහරදී තුවාල කළැයි ඔහු අත්අඩංගුවට ගත් බව මෙස්සිනා පොලිසිය පවසයි. ඔහුගේ දුරකතනයේ ඇති තමාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පැවසූ නිසා එයට බියවී තමා ඔහු කරා පැමිණි බවත් පසුව මෙළෙස පහරදුන් බවත් ඇය රෝහල් පොලිසියට කියා ඇත. ඇගේ නිරුවත් ඡායාරූප අඩංගු ඔහුගේ ජංගම දුරකතනයද පොලිසිය විසින් සොයාගෙන ඇත. ඉතාලි පුවත්පත් මේ සිද්ධිය වාර්තා කළේය.