පරණ පව් පස්සෙන් එළවයි


කොළඹ රාජකීය විද්‍යාලයයට හා විශඛා විද්‍යාලයයට සිසුන් ඇතුළත් කරන බව කියමින් රුපියල් හත් ලක්ෂ පනස් දහසක් ගත් බව කියන කොළඹ සමීපයේ ප්‍රධාන නගරයක පාසලක විශ්‍රාමික ගුරුවරියක (57) සැකපිට අත්අඩංගුවට ගත් බව   පොලිසිය කියයි.

ඇය වෙනත් බාලිකා විද්‍යාලයක උගන්වද්දී එම මුදල් ගෙන ඇති බවත්, ඉන් පසු   ස්ථානමාරු වී ඇති බවත්, මීට මාස හයකට පෙර විශ්‍රාම ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

පිළියන්දල පදිංචිකාරියක වන ඇය දැන් රත්මලානේ සිටිතියි ද කියති.