දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාත් මින් සුළු මොහොතක පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ශාන් විජයලාල් ද සිල්වා මහතා ගාල්ල දිසත්‍රික්කයෙන් මනාප 96,129ක් ලබා ගත් අතර ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප 249,678 ලබා ගත්තේය. ආණ්ඩුපක්ෂයෙන් පළාත් සභා දෙකට තේරීපත්වූ මන්ත්‍රීවරු ද ජනපති ඉදිරියේ අද දිවුරුම් දෙති. පළාත් සභාවේ ඉතිරි ඇමතිවරු දිවුරුම් දීම තව දින කිහිපයක් කල්යන බව රජයේ ආරංචිමාර්ග කියයි.

