සොරාගන්නා ත්‍රිරෝද රථවල ලියැවිලි,චැසි හා ඇන්ජින් අංක වෙනස් කැර විකුණු බව කියන හත් දෙනෙක් පිළියන්දල පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබුහ. වැඩ තහනමට ලක් වු කොස්තාපල්වරයක් ද ඒ අතර සිටි.
අනතුරුවලට ලක් වී ෆිනෑන්ස් සමාගම්වලින් ඉවත් කරන ත්‍රිරෝද අඩු මිලට ගෙන ඒවායේ අංක එම ත්‍රිරෝද රථවලට යොදා ඇතැයි පෙනේ යැයි පොලිසිය කියයි.
පිළියන්දල නිවසක් කුලියට ගෙන මොවුන් කලක් තිස්සේ මේ වැඩේ කැර ඇති බවත් රුපියල් ලක්ෂ පනහකට අධික ත්‍රිරෝද රථ, ඒවා අලුත්වැඩියාව සඳහා යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර එහි තිබු බවත් පොලීසිය පවසයි.





