පරණ කොටියා ළඟ සයිනයිඩ්


ඉන්දියාවේ තමිල්නාඩුවේ වෙසෙන හිටපු එල්ටීටිඊ සාමාජිකකු  සයිනයිඞ් කරල් තොගයක්, භූමිය හඳුනා ගැනීමේ උපකරණ  ඇතුළු උපකරණ කිහිපයක් සිය සිරුරේ සඟවා ගෙන ගමන් කරමින් සිටියදී තමිල්නාඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවද හින්දු පුවත්පත වාර්තා කළේය.

තමිල්නාඩුවේ උචිපුලි වෙරළබඩ ප්‍රදේශයේ දී අත්ඩංගුවට ගත් මෙම පුද්ගලයා කේ ක්‍රිෂ්ණකුමාර් (39) නැමැති බවට තමිල්නාඩු පොලීසිය විසින් තහවුරු කර ගෙන තිබේ.

මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී සයිනයිඞ් කරල් 75ක්ද, සයිනයිඞ් ග්‍රෑම් 300ක්ද, ජංගම දුරකථන 7ක්ද සොයා ගැනීමට පොලීසියට හැකි වී ඇතැයි පැවසීය.