තුන්මාසයක් පමණ වයසැති වලස් පැටවකු මවගෙන් වෙන් වී කෑම සොයා යද්දී වළක වැටී සිටියදී කිලිනොච්චියේ කොකාවිල් අයියන්කුලමේ වළකින් ගොඩගත් ගැමියකු එම පැටවා පොලිසියට බාර දී ඇත. පැටවා උඩවළවේ ඇත්අතුරු සෙවනට යවා වැඩුණු පසු දෙහිවල සතුන් වත්තට බාරදෙන බව වවුනියා වන සත්ව නිලධාරි ඩබ්ලිව්.ජේ.කේ. හේරත් මහතා කියයි.