පරණ කෘමිනාශක සහ වල්නාශක විකුණන ජාවාරමක් අල්ලයි


කාංචන කුමාර ආරියදාස 
 
කල් ඉකුත් වූ කෘමිනාශක, වල්නාශක සහ විවිධ කෘෂිකාර්මික යෙදවුම් අලුත් ලේබල් අලවා වෙළඳපොළට යැවීමේ මහා පරිමාණ ජාවාරමක් සීගිරිය ප්‍රදේශයේ දී දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  අද  අනාවරණය අනාවරණය කරගනු ලැබ තිබේ.
 
මෙම ජාවාරම කාලයක් තිස්සේ සිදු කරගෙන යන බවට සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ද පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
 
දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ පොලිස් පරීක්ෂක ඉරේෂ්  රණතුංග මහතාට ලැබුණු තොරතුරක් මත විශේෂ  කණ්ඩායමක් යොදවා   සීගිරිය ප්‍රදේශයේ සුවිසල් නිවෙසක්  ආසන්නයේ පවත්වාගෙන ගිය මෙම   පලිබෝධ නාශක ඇසුරුම් කරන ස්ථානය වැටලීමට හැකිවී තිබේ.
 
2013,2014 , 2015,   වසරවල කල් ඉකුත් වූ කෘමි නාශක, වල්නාශක සහ දියර පොහොර වීශාල ප්‍රමාණයක් මෙම ස්ථානයේ ගබඩාකොට ඉතා සූක්ෂම ලෙස ඒවා 2018 වසර සහ 2020 දක්වා කල් තබා ගැනීමට හැකිවන පරිදි ලේබල්  මුද්‍රණය  කොට ඒවා අලවා නැවත වෙළඳපොලට යැවීම සඳහා කටයුතු කරන බව පොලීසිය කියයි.
 
දිවයිනේ ඉතා ප්‍රසිද්ධ කෘෂි ද්‍රව්‍ය අලෙවි කරන ලද ආයතනයක නාමයන්වල  මුද්රා මේ සඳහා යොදාගෙන තිබුණු බවත් පොලිසිය පවසයි.