පයාගල වෙරළේ බෝට්ටුවක් ගිනි ගනියි


(තුසිත කුමාර ද සිල්වා සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් දකුණු පයාගල  සති පොල මායිම්වන  මහා තුඩුව  මා දැල් තොටුපොළ  වෙරළ තීරයේ ගොඩ ඇද තිබූ  මාදැල් ධීවර කර්මාන්තයේ යෙදෙන  කුඩා බෝට්ටුවක්  අද (3) ගිනි  ගෙන විනාශ වී ඇතැයි පයාගල පොලීසිය පවසයි.

මෙම බෝට්ටුවේ හිමිකාර  ගමිණි  ගුණරත්න මහතා   පයාගල  පොලිසියට කළ පැමිණිල්ල ඔස්සේ   පරීක්ෂණ පවත්වන පොලිසිය  කියා සිටියේ  උදෑසන පහයි තිහට පමණ  මෙම බෝට්ටුව  ගිනි ගන්නා බවට  ලද පැමිණිල්ලක් ලැබුනු බවයි .

පොලිසිය එම ස්ථානයට යන විටත් බෝට්ටුව ගිනි ගන්නා අයුරු දැකගත හැකිවූ අතර  කිසියම් පුද්ගලයකුගේ  කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි යන්න  විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කරයි.

එම ස්ථානයේ  සිටි බෝට්ටු හිමිකරු ගාමිණි මහතා කියා සිටියේ  බෝට්ටුව, මා දැල්  ආම්පන්නත් සමඟ  රුපියල්  ලක්ෂ විස්සකට අධික  වටිනාකමක දේපොළ විනාශ වී ඇති බවයි .

පොලිසිය කියා සිටියේ  එම ස්ථානයේ ම  මීට කලකට පෙර ද මෙවැනි බෝට්ටුවක් ගිනි ගැනීමට ලක් වී ඇති බවයි .

(ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)


(ඡායාරූප: සුමිත් පොතුපිටිය)