පබිලිස් සිල්වාගෙන් රජ බොජුන් ජනපතිට


ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන සුපවේදී හා අධ්‍යක්ෂ පබ්ලිස් සිල්වා මහතා විසින් සම්පාදනය කැරුණු ‘ශ්‍රී ලංකාවේ රාජ භෝජන’ කෘතිය ඇතුළු  තවත්  කෘති කිහිපයක් අරලිය ගහ මන්දිරයේ දී ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීය.

රාජකීය ආහාර වට්ටෝරු 40 ක් හා එහි ඉතිහාසය ඇතුළත් කැර  ඉතා කුඩා ප්‍රමාණයෙන් මේ පොත  මුද්‍රණය කැර ඇත.

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ,ගල්කිස්ස මහ හෝටලයේ සභාපති සනත් උක්වත්ත යන මහත්වරු ද මේ අවස්ථාවට එක් වුහ.