පන්සලේදී පහරදීමකින් පොලිස් සැරයන් මරුට


(අප්සරා යෝසිත් විජේසූරිය සහ චාමින්ද දිසානායක)


රත්නපුර වෙරළුපෙ ගල්ඇන්ද ප‍්‍රදේශයේ විහාරස්ථානයකට සිතාසියක් බාරදීමට ගිය අවස්ථාවේදී සිදුවූ පහරදීමකින් එම සිතාසිය භාරදීමට ගිය පොලිස් සැරයන්වරයා මිය ගොස් ඇති බව රත්නපුර පොලිසිය පවසයි.


මෙසේ මරණයට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය පල්ලෙබැද්ද පෙදෙසේ පදිංචි දෙදරු පියෙක් වන රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සේවය කළ සමරවික‍්‍රම (44101) නම් පොලිස් සැරයන්වරයාය.


සිතාසිය භාරදීම එම විහාරස්ථානයට අද උදෑසන 9.30 පමණ ගිය අවස්ථාවේදී සැරයන්වරයා මෙම මරණීය පහරදීමට මුහුණ දී  ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය ඇත. 


මේ විහාරස්ථනය අසළ සිටි පුද්ගලයකු විසින් 119 අංකය අමතා මේ පහරදීම සම්බන්ධව දැනුම්දී  ඇත.


පහරදීමට ලක්වූ පොලිස් සැරයන්වරයා රත්නපුර රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතිබව පොලිසිය කියයි. 


රත්නපුර පොලිසියේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි රත්නපුර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සමන් පාලිත සහ රත්නපුර විශේෂ අපරාධ ස්ථාන භාර ඒකකයේ ස්ථානාධිපති චින්තක මායාදුන්නේ යන මහත්වරු ඇතුළු නිලධාරීහු මේ පිළිබඳ පරීක්‍ෂණ කරති.


මරණය පිළිබඳ මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂය සිදුකිරීමට නියමිතව ඇත.