වැලිවේරිය රතුපස්වල නැදුන්ගමුව සභාව පන්සලේ ඊයේ මහ රෑ පුජාවක් කරමින් සිටියදී එහි ඇතුළුවු පන්සලේ දායකයෝ කට්ටඩියා සමග ගැටුමක් ඇති කර ගත්හ.
කහපාට රෙද්දක් ඇදගත් පුද්ගලෙයකු දපනය දමා සුදු ෙ ෙරෙද්දකින් වසාගෙන සිටියදී දායකයන් පිරිසක් පැමිණ මේ කුමක් දැවි විමසා ඇතත් නිසි පිළිතුරක් ලැබී නැති බැවින් මේ ගැටුම ඇතිවු බව ගැමියෝ කියති.
කුකුලන් දෙදෙනකුද පෙරේත තටු ඇතුළු පුජා ද්‍රවයද එහි තිබු බවත් ඔවුහු කියති.
එක්තරා ආයතනයක පිරිසක්ද වාහන කිහිපයකින් එහි පැමිණ තිබු බවත් දායකයෝ එම පිරිස පැමිණි වාහනවල රෝදවල හුලං ඇර ඇති බවත් වාර්ථා වෙයි.
පොලිසිය පවසන්නේ සභාව පන්සලේ ස්වාමීන් වහන්සේ නමකට අසනීපයක් ඇති බැවින් යන්ත්‍රයක් දැමීමට යද්දී රාත්‍රී එකොලහට පමණ පන්සලට කඩා වැදුනු පිරිසක් ගැටුම ඇති කළ බවයි.
වාහන දෙකකට අලාභ හානි සිදු වී ඇති බවද මේ සම්බන්ධයෙන් ගැමියෝ 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

