පන්නිපිටියේදී ඊයේ එහෙමයි:වාද්දූවේදී අද මෙහෙමයි


(සුමිත් ප්‍රේමතිලක)

මහරගම පොලිසියේ රථවාහන අංශ කොස්තාපල්වරයෙකුගේ අපකීර්තිමත් හැසිරීමක් පිළිබඳ රටම කතාබහට ලක්ව ඇති මොහොතක පොලිස් රථවාහන අංශ නිළධාරින් පිරිසකගේ සත් ක්‍රියාවක් අද (30) දහවල් වාද්දුව ගාලුපාරේ දී දැකගත හැකිවිය .

වාද්දුව මංසන්ධියේ දී කාර්මික දෝෂයකට ලක්වු පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් වාද්දුව පොලිසියේ රථවාහන අංශ නිළධාරින් පවතින දැඩි අව් රශ්මිය නොතකා තල්ලුකර මාර්ගයෙන් ඉවත්කොට ගමනාගමන යථා තත්ත්වයට පත්කිරීමට උත්සාහ දරන අයුරුයි මේ.