( තිළිණි ද සිල්වා)
පන්නිපිටිය නගර මධ්‍යයේ පිහිටි පැරණි බෝ ගස කපා ඉවත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන ජුනි 13 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය.
කොළඹ ‐ අවිස්සාවේල්ල ප‍්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පන්නිපිටිය නගර මධ්‍යයේ පිහිටි බෝ ගස කපා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණයෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් ගොනු කළ පෙත්සමක් අද (09) කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
අගවිනිසුරු ප‍්‍රියාසත් ඩෙප් සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී. වේරදුවේ සිරි ජෝති හිමි සහ පන්නිපිටිය ප‍්‍රදේශවාසීන් සිව්දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
මහාමාර්ග සහ උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ,මාර්ග සංවර්ධන අධිකාරිය ,එහි සභාපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි. පෙත්සම්කරුවන් සිය පෙත්සමින් පෙන්වා දෙන්නේ පන්නිපිටියේ පිහිටි මෙම බෝගස වසර 400ක පමණ ඉතිහාසයක් සහිත පූජනීය වස්තුවක් වන බවයි.

