පන්නල ගංවතුරෙන් පවුල් 160 ක් අවතැන්



 
(හේමලතා ඩී හේවගේ)              

                            
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පන්නල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග‍්‍රාම සේවා වසම් 12 ක පවුල් 160ක පමණ 600කට ආසන්න ජනතාවක් නිවෙස්වල අවතැන් වී ඇති බව පන්නල ප‍්‍රාදේශීය ලේකම් සමන්ත බණ්ඩාර වික‍්‍රමආරච්චි මහතා පැවසීය.
                                   
හුන්දිරාපොල,මත්තේගම,මාහොලොව,තලම්මැහැර,ඇලබඩගම උතුර,නැගෙනහිර, නාරංගොමුව ඇතුඵ ගම්මාන රැසක් මේ වන විට ජලයෙන් යටවී ඇති බවත් ඔවුන්ට සහන සැලසීම සඳහා පිසූ ආහාර පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇති බව ලේකම්වරයා කීය.
             

මා ඔයේ ජල මට්ටමද ඉහළ යාමෙන් පිටාර ගැලීමේ අවදානමක්ද ඇති බැවින් මා ඔය ඉවුරු ආසන්නයේ ප‍්‍රදේශවල නිවෙස්වල පදිංචි වී සිටින පිරිස් ආරක්ෂක ස්ථානවලට එක්රැස් කිරීමට සලසුම් කර ඇති බවත් හදිසි ගංවතුර තත්වයක් ඇති වුවහොත් බෝට්ටු සේවාවක් යෙදවීමටද සූදනම් කර ඇති බව ප‍්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසිය.