පන්දුව ලංකා පිලේ


ඉන්දු - ශ්‍රී ලංකා මගී ප්‍රවාහන නෞකා සේවය නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම ශ්‍රී ලංකාවට පැවරෙන බව ඉන්දීය රජයේ නාවික සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය පොන් රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කර ඇතැයි එරට ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත්සේවය කියයි.

ශ්‍රී ලංකාව එකඟ වන්නේ නම් කොළඹ සහ තූත්තුකුඩිය ( ටියුටිකොරීන්) අතර මෙම මගී ප්‍රවාහන සේවය නැවත ආරම්භ කිරීමට ඉන්දියාව සූදානම් බවයි ඔහු සඳහන් කර සිටී.

දෙරට අතර මගී ප්‍රවාහන නෞකා සේවය යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් සිය ශ්‍රී ලංකා සංචාරයේදී ද සාකච්ඡා කළාය. වසර 25 ක විරාමයකින් පසුව මෙම නෞකා සේවය 2011 වසරේදී ආරම්භ කෙරුණු අතර, ඉන් වසරකට පසුව  වානිජමය ශක්‍යතාවක් නොමැති බව පවසමින් මෙම නැව් මඟී ප්‍රවාහන සේවාව  නතර කැරිණි.