පන්ති තහනම ඉවත් කරන්නැයි රජරට සරසවි සිසුහු වීදී බසිති


( දයාරත්න ඇඹෝගම සහ බී.ජී. චතුරංග)

පංති තහනම් කරනු ලැබු රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 12 දෙනා නැවත විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගන්නා ලෙස විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියට බල කරමින් රජරට විශ්ව විද්‍යාලයේ සිසුහු    අද (17) අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පල ඉදිරියේ දැවැන්ත උද්ඝෝෂණයක් කළහ.

මිහින්තලේ පිහිටි රජරට විශ්ව විද්‍යාලයේ සිට කිලෝමිටර් 14 ක් පා ගමනින් පැමිණි ඔවුහු  අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පොළ ඉදිරිපිටදි විවිධ බැනර් සටන් පාඨ කියමින් මෙම උද්ඝෝෂණයේ නිරත  වුහ.
රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සිසුවා කියා සිටියේ රජරට විශ්ව විද්‍යාලයේ දැවැන්ත ශිෂ්‍ය මර්ධනයක් මේ වන විට ක්‍රියාත්මක වන බවයි.‘