පන්ති ඉවත් කරනවාට මව්පියෝ එරෙහිවෙති


පාසල් දහසේ ව්‍යාපෘතිය යටතේ පිළියන්දල බටුවන්දර කණිෂ්ට විද්‍යාලයයේ  හයවැනි ශ්‍රේණියෙන්  ඉහල සියලුම පන්ති ඉවත් කිරීමට යතියි කියමින් එම පාසලේ දරුවන්ගේ මව්පියෝ බණ්ඩාරගම  කැස්බෑව ප්‍රධාන මාර්ගය   බටුවන්දර හන්දියෙන් හරස් කර උද්ඝෝෂණයක් අරඹා පා ගමනින් පිළියන්දල අධ්‍යාපන කාර්යාලයට ගියහ.

අධ්‍යාපන අධ්‍යක්ෂවරිය එහි නොසිටියෙන් ඇය එනතුරු දෙමාව්පියෝ නිල කාමරයේ බිම වාඩි වී සිටිති.