පනතක් පරදවන්න දෙපැත්තම එක් වේ


නගර හා ග්‍රාම නිර්මාණ සංශෝධන පනත් කෙටුම්පත උතුරුමැද පළාත් සභාවේදී අද පරාජයට පත් විය. පාලක සංධානය හා විපක්ෂ එජාපය එක්වී මේ පනතට විරුද්ධව ඡන්දය දුන් බව විපක්ෂ නායක කස්තුරි අනුරාධනායක මහතා කියයි. මේ පනතට මුවාවී නගරයේ පෞද්ගලික දේපොළ පවරා ගැනීමට රජය ගත් උත්සාහය පරාජය කළ බවද ඔහු පවසයි.