පදවියට ජල පිරිපහදුවක්


( දර්ශන ගුණරත්න පදවියේ සිට ) - පදවි ශ‍්‍රීපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාසයට වෙන් කළ රුපියල් කොටි 2ක මුදලින් රුපියල් ලක්ෂ 20ක් වැයකර නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනිය ඩබ්.ජි.ඇම් ආරියවතී ගලප්පත්ති මහත්මියගේ  යෝජනාවකට අනුව  පදවි යාය 13 විද්‍යාලයේ  විශේෂ ජල පිරිපහදු කිරීමේ පද්ධතිය සහ පානිය ජල සැපයුම් මධ්‍යස්ථානය  විවෘත විය.

ජලයේ ෆ්ලොරයිඩ් සහ කිවුල ඉවත්කර ශ‍්‍රී ලංකා ප‍්‍රමිතියට අනුව පැයකට ලීටර 200ක  ජලය පිරිසිදු කිරීමට මෙම යන්ත්‍රයට හැකියාව ඇත.

 ප‍්‍රදෙශයේ බහුලව පවතින වකුගඩු, දන්ත, සහ අස්ථි රෝග වලක්වා ගැනීම මේ යෝජනාවේ අරමුණයි.