පණුවන් නිසා මුරියාකුලමේ ජනයාට පීඩා


රෝවන් පෙරේරා  
 
පණු විශේෂයක් හේතුවෙන් මුරියාකුලම ගම්මානයේ විශාල පිරිසක් ප්‍රීඩාවට පත්වී සිටිති. කොහොඹ, බුරුත, තේක්ක, දෙහි වැනි ගස්වල මෙම පණු විශේෂය බහුලව සිටින බව ප්‍රදේශවාසිහු පවසති.
 
සති කිහිපයක පමන කාලයක සිට පණු විශේෂය බෝවීමට පටන් ගෙන ඇති අතර මේ වන විට නිවෙස්වල සිටීමට නොහැකි තත්වයක් උදාවී තිබෙන බව ප්‍රදේශවාසීහු කියති. පණුවන් නිවෙස්වල බිත්තිවල සහා වහලවල එල්ලී සිට, පොළව සහ නිවාසවල ඇති භාණ්ඩ වලටද වැටී එහා මෙහා බඩගෑම නිසා ජන ජීවිතයට බාධා එල්ලවී තිබේ.
 
ප්‍රදේශයේ පවුල් කිහිපයක් නිවාස අතහැර වෙනත් ස්ථාවලට ගොස් ඇත්තේ පණුවන් ගෑවීමෙන් හානියක් නොවුනද දැඩි අප්‍රසන්න භාවය නිසයි.
 
මෙවැනි පණු විශේෂයක් මීට පෙර නොදුටු බවද මෙම පණුවන් සති එක හමාරක් පමණ කාලයකින් පසු සමනලයන් බවට පත්වී පියඹා යන බවද මේ පිළිබඳ කරුවලගස්වැව ප්‍රදේශීය සභාවේ ලේකම්වරයා  දැනුම්වත් කළ බව ද ගම්වැසියෝ පැවසූහ.
 
මේ පිළිබඳ විමසීමේදී කරුවලගස්වැව ප්‍රදේශීය සභාවේ ලේකම් චන්ද්‍රරත්න හේරත් මහතා පැවසුවේ මෙය වාර්තා වූ බවයි.  කඩිනමින් සොයා බලා ගත හැකි පියවරක් ගන්නා බව ද ඔහු කීවේය.