ඉඩම් හා අඩු නිවාස හිමිකම් පවරා දීමට සිටිය දී පණ්ඩිතකමක් කළ නිසා අවුරුදු දෙකකට කළින් ජනපතිවරණයක් පැවැත්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කඹුරුපිටිය බොරළුකැටියේ දී කීවේය.
එම මැතිවරණයෙන් ඔහු පරාජයට පත් විය.
ඔහු මෙවර කුරුණෑගලින් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරයි.
‘මම කළ ඒ පණ්ඩිත වැඩෙන් මිනිසුන්ට එකක් දැනගන්න පුළුවන් වුණා. එක්සත් ජාතික පක්ෂයේ වැඩ කොහොමදැයි ඔවුනට පෙවුණා. ඔවුන් බෙදන ඉඩම් ඔප්පුවේ කවරේ රනිල්ගේ පින්තූරේ. ඇතුළේ මහින්ද රාජපක්ෂගේ පින්තූරේ. ඒ කාලෙ බෙදා දීමට ලෑස්ති කළ මේ ඉඩම් ඔප්පු අපේ නිලධාරයන් බෙදා දී නෑ. දැන් ඒවා බෙදන්නේ රනිල්ලා. හැබැයි කාටවත් මගේ අත්සන වෙනස් කරන්න බෑ.‘

