බුදු රුව සහිත පච්චයක් අතෙහි කොටාගෙ ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය හෙදියක වන නයෝමි කෝල්මන් (37) අද පස්වරු 1.30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ලන්ඩන් බලා පිටව යෑමට නියමිතය.
ඇයට ටිකට්පත ලබා දී ඇත්තේ සංචාරක මණ්ඩලයෙනි.
ඇය ඒඑෆ්පී ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ලන්ඩන් ගොස් තීරණය කරන බවයි.
‘සංචාරක මණ්ඩලය මෙයට මැදිහත් වුණා. මේක උසාවි යා යුතු කරුණක් නොවෙයි.
මෙවන් දෙයක් වෙන කිසි දෙනකුට වෙන්න එපා.‘
ඡායාරූප ඒ එෆ් පී අනුග්‍රයෙනි

