පගාවෙන් තොර දේශයක් කරා


දුෂණය වළකමු - සුපිළිපන් රටක් වෙනුවෙන්  පෙළ ගැසෙමු‘ යන තේමාව යටතේ  ට්‍රාන්ස්පෙරන්සි  ඉන්ටර් නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සංවිධානය කළ  පා ගමනක් හා උද්ඝෝෂණයක්  කොළඹ ලිප්ටන් වටරවුමේදී  අද දහවල් පැවැත්විණි.

අල්ලස හා දුෂණය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය සමරමින්  මෙය පැවැත් වු අතර මේ සඳහා තරුණ තරුණියෝ විශාල පිරිසක් සහභාගී වුහ.

දැනුම්වත් කිරීමේ  පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් පා ගමනින් ලිප්ටන් වටරවුමේ සිට විහාර මහා දේවි  උද්‍යානය දක්වා ගමන් කළහ.