පාකිස්ථානයේ උත්සන්න වී ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ආගමික පාසල් 182 ක පාලනය රජය යටතට භාරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බෙහෙත් ශාලා 163 ක්, ගිලන් රථ 184 ක්, රෝහල් පහක් සහ තහනම් කරන ලද ආයතන අටක් විවිධ කණ්ඩායම් විසින් අත්පත් කරගෙන ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසයි.
මෙම ස්ථාන බොහෝ තහනම් කණ්ඩායම් විසින් සටන්කාමී කල්ලි සඳහා බඳවා ගැනීමේ කඳවුරු ලෙස භාවිතා කරති.
පාකිස්ථානය විවිධ සටන්කාමී පිරිස් විසින් යටත් කර ගෙන ඇති දේපළවල පාලනය රජය යටතට ගැනීමට කටයුතු කර ඇත.
(63226)

