පකිස්ථානයේ ප්‍රථම කොරෝනා‍ ආසාදිතයා මරුට


පකිස්ථානයෙන් ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය වාර්තා වී තිබේ.

වයස අවුරුදු 50ක් වන මෙම පුද්ගලයා සවුදි අරාබියේ වන්දනාවේ ගොස් සිට මාර්තු මස 9 වන දින පකිස්ථානයට පැමිණ ඇත.

වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ දිනයේම ඔහු මියගිය බව බලධාරීහු පවසති.

පකිස්ථානයේ මේ වනවිට තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 750කි.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)