පකිස්ථාන ලංකා හමුදා සහයෝගය දිගටම


පාකිස්ථානය සහ  ශ්‍රී  ලංකාව අතර වාර්ෂික සන්නද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව තුන්වෙනි වරටත් ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී   ආරමිභ විය.

දෙරටේ  සන්නද්ධ හමුදා අතර වෘත්තීමය හා අන්‍යෝන්‍ය සබදතා ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන 2012 වසරේදී මෙය මුලින්ම ආරම්භ වී ඇත.

දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුනු සාකච්ඡා කිරීමට හා සන්නද්ධ හමුදා අතර ද්විපාර්ශවික සහයෝගීතාවය හා අවබෝධය වැඩිදියුනු කිරීම සදහා මෙකී සාකචිඡා උපයෝගී වේ.

මෙහිදී ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා පාකිස්ථාන දූත පිරිසේ ප්‍රධානී මේජර් ජෙනරාල් ඉෆ්තිඛර් අහමඩි වයින් මහතා අතර හමුව  ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී සිදුවිය.

 large