ඉන්දියන් රුපියල් ලක්ෂ පහලොවක් ශරීරයේ සගවාගෙන පකිස්ථානයේ කරච්චි නුවර සිට මෙරටට පැමිණි පකිස්ථාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු පකිස්ථානයේ කරච්චි නුවර පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 184 දරන ගුවන්යානයෙන් මෙරටට පැමිණ ඇති බව රේගුව කියයි.
රේගු නිලධාරීන්ට ලැබුන ඔත්තුවක් මත මොහු අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ටී. නන්දසිරි මහතාගේ් මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන ඉන්ද්‍රා උක්වත්ත, අචල චන්ද්‍රසේකර සහ නියෝජ්‍ය රේගු අධිකාරී විපුල ප්‍රනාන්දු යන නිලධාරීහු සිදුකරති.

