පකිස්තානුවා හෙරොයින් කරල් 34 ක් වමාරයි


හෙරොයින් ගිල දමා ඇතැයි සැකපිට මීගමුව රෝහළට ඇතුලත් කළ පකිස්තාන ජාතික තරුණයාගේ ශරීරයේ තිබී  මේ වන විට හොරොයින් කරල් 34 ක්  ඉවතට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී පැවසුවේය.

සැකකරු පකිස්තානයේ ලාහෝර් නුවර පදිංචි පුද්ගලයෙකි.

ඔහු  පකිස්ථානයේ සිට මෙරටට පැමිණ සිටියදී රේගු නිලධාරීන් විසින්  පෙර දින අළුයම කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී අත් අඩංගුවට ගැනිනි.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ සැකකරු අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව  රේගු නිලධාරීන්ගේ අධීක්ෂනය යටතේ මීගමුව රෝහළට ඇතුලත් කළ බවයි.