ඉස්ලාමාබාද්හිදීය (එන්.ඞී.ටීවී)
පාකිස්තානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්ගේ ජාතික හැඳුනුම්පත සහ ගමන් බලපත‍්‍රය අත්හිටුවන්නැයි එරට විශේෂ අධිකරණයක් නියෝග කර ඇත.
2007 වසරේ, මුෂාරෆ් ජනපති ධුරය හොබවද්දී, හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර, මහාධිකරණ විනිසුරුවරුන් නිවාස අඩස්සියට පත් කිරීමත් තවත් අධිකරණ විනිසුරුවරුන් 100 කට ආසන්න පිරිසක් නෙරපා දැමීමටත් පියවර ගත්තේය.
මෙම සිද්ධිය මුල්කොට ගනිමින් 74 හැවිරිදි හිටපු අගමැති මුෂාරෆ්ට රාජ්‍යද්‍රෝහී චෝදනා එල්ල වී තිබේ.
එම චෝදනා සම්බන්ධයෙන්, විශේෂ අධිකරණයක් යටතේ නඩු විභාගයක් පැවැත්වෙයි. මුෂාරෆ්ගේ ගුවන් බලපත‍්‍රය සහ ජාතික හැඳුනුම්පත අවලංගු කිරීමට අණ කළේ එම අධිකරණයයි.
හමුදා කුමන්ත‍්‍රණයකින් බලයට පත් පර්වේස් මුෂාරෆ් 1999 වසරේ සිට 2008 තෙක් පාකිස්තානයේ ජනපති ධුරය හෙබවීය. පාකිස්තානයේ තවත් අගමැතිවරියක වන බෙනාසීර් බූතෝ ඝාතන සිද්ධිය පසුපස ද මුෂාරෆ් සිටින බවට චෝදනා එල්ල වී ඇත.
050