(රන්න - චන්ද්‍රසේන ගමගේ)
එක්සත් ජනතා සන්ධානයෙන් ඉදිරිපත් වී මන්ත්‍රී ධූර ලබා ගත් උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රී වරුන් පක්ෂයේ තීන්දු වලට පිටුපා විනය විරෝධීව කටයුතු කරන්නේනම් ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න සිදු වන බව එක්සත් ජනතා සංධානයේ මහා ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ඇමැතිවරයා එසේ පැවසුවේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එගොඩබැද්ද ග්‍රාමසේවක වසමේ ආරම්භ කළ වැවක් සමග ගමක් නම් සමාජ සුබ සාධන වැඩසටහන ආරම්භ කිරීමෙන් අනතුරුව අද(14) පැවති ජනහමුවේදීය.
වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා මෙසේ කීවේය.
“යම් යම් ප්‍රකාශ කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් සියලු දෙනාම පත්වී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. සන්ධානයෙන් ඉවත් වී ඔවුන්ට අවශ්‍ය තීන්දු ක්‍රියාත්මක කරන්න පුළුවන් . එසේ නොකර සන්ධානය තුළ ඉඳගෙන එක එක්කෙනාට අවශ්‍ය තීන්දු ගන්න දෙන්නේ නැහැ‘‘ යයිද ඇමතිවරයා පැවසීය.

