චන්ද්‍ර සේන ගමගේ
විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා පක්ෂයෙන් ඉවත් නොවන බවත් මොන තත්වයක් යටතේ වුවද පක්ෂය සමග බැදී සිටින බවත් සඳහන් කරමින් ලිඛිතව දන්වා ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා අද(08) සවස වීරකැටියේ පැවති උත්සවයකදී පැවසීය.
ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම බව ද ඇමැතිවරයා කීවේය.
‘විශ්වාස භංගයේදි පවා අපි කටයුතු කළේ පක්ෂය ශක්තිමත් කරන තීන්දුවකට අනුවයි. අපේ 16 දෙනාට විරුද්ධව එ.ජා.ප. කටයුතු කරනවා නම් අපි ඊට ඉඩ දෙන්නේ නෑ. අපි අපේ පක්ෂයේ අය වෙනුවෙන් පෙනී සිටිනවා.
හෙට(09) පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී පවා බෙදී නොයන එකමුතුව වැඩ කරන්නට හැකි තීන්දු තීරන හැරෙන්නට වෙන කිසිදු තීරණයක් ගන්නේ නැහැ. විශ්වාස භංගයේදී එය ගෙනා පාර්ශවය ආණ්ඩුවට විරුද්ධව එය ගෙන ආපු දෙයක් බවට පරිවර්තනය වුණා. ආණ්ඩුව අපහසු තාවයට පත් වෙන තීන්දු වලට අපේ පක්ෂය යන්නේ නෑ.‘ යැයි ද ඇමැතිවරයා කීවේය.
පක්ෂයෙන් නොයන බවට ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමැතිවරුන්ගෙන් පොරොන්දුවක්
Recommended Articles