අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් අර්ථකතනය පිළිගැනීමට රජය ප්‍රතික්ෂේප කිරීම නිසා පක්ෂ නායකයන්ගේ රැස්වීමෙන් විපක්ෂය නැගිට ගියේය. මේ රැස්වීම පාර්ලිමේන්තු මන්දිරයේදී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සංවිධාන නායකයෝ එසේ නැගිට ගියහ.
අගවිනිසුරුවරිය වැරදිකාරිය කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් කතානායකට එවූ තීන්දුව ලබන 10 සහ 11 විවාදයට ගැනීමට ද නියමිතය.
විපක්ෂය එම විවාධය ද වර්ජනය කරන බව ද දැනගන්නට ඇත.

