
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ දීඅද (7)පෙරවරුවේ පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහභාගී වූයේ නැත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් ආසාදනයවීමෙන් තවමත් නිරෝධායනවී සිටින හෙයින් ඔහුට රැස්වීම්වලට සහභාගිවීමට හැකියාවක් නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ අනුව අද පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමටද සහභාගි නොවනු ඇත.
කතානායකමහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පෙරවරුවේ පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමට සභා නායක දිනේෂ් ගුණවර්ධන,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන්ප්‍රනාන්දු,විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල,අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී එල් පීරිස්, වාසුදේව නානායක්කාර, ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරු ද සමගි ජන බලවේගයේ රංජිත් මද්දුමබණ්ඩාර ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා ,දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ සුමන්දිරන් යන මහත්වරුද සහභාගි වූහ .

